ඔබ මෙතනයි:  මුල් පිටුව මාධ්‍ය කවුළුව

පුවත්



ලෝක සංචාරක දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේදී වැඩසටහන්

ලෝක සංචාරක දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේදී වැඩසටහන්
ලෝක සංචාරක දිනය සැමරේ. මෙහි තේමාව "සංචරණය හා ජලය - අපගේ පොදු අනාගතය සුරක්ෂිත කිරීම" යන්නයි. මේ වසරේ ලෝක සංචාරක දින සත්කාරකත්ව උත්සවය පැවැත්වෙන්නේ මාලදිවයිනේදීය.

ආර්ථික සංවර්ධන අමාත්‍ය  බැසිල් රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා සංචරණය විසින් ලෝක සංචාරක දිනය සැමරීමට වැඩසටහන් රැසක් සංවිධානය කොට ඇත.

මේ යටතේ හික්කඩුව, බෙන්තොට හා උණවටුන වෙරළ පිරිසිදු කිරීම අද සිදු කෙරේ. හෝටල් හිමියන්, පාසල් සිසුන්, තරුණ සමාජ සමාජිකයින්, රජයේ සේවකයින් හා මහජනතාව ඊට සම්බන්ධ කර ගැනෙති.

බෙන්තොටදී පැළ සිටුවීමේ උත්සවයක් ද පැවැත්වේ. ශ්‍රී ලංකා සංචරණ සභාපති භාෂ්වර ගුණරත්න මහතා ඇතුළු නිලධාරීහු ඊට සහභාගි වෙති. ලෝක සංචාරක දින තේමාව යටතේ හික්කඩුව හා බෙන්තොට ප්‍රදේශවල පාසල් සිසුන් අතර චිත්‍ර  තරගයක් පැවැත්වීය.

මීට අමතරව ඌව, මධ්‍යම, සබරගමුව, වයඹ, බස්නාහිර හා දකුණු පළාත්වල ද විවිධ වැඩසටහන් සංවිධානය කොට ඇත. පළාත් සංචාරක ආයතන ද ඊට සම්බන්ධ කර ගැනේ. චිත්‍ර තරග, ඡායාරූප ප්‍රදර්ශන ආදිය සහ ජල මූලාශ්‍ර පවිත්රවව තබා ගැනීම ගැන දැනුවත් කිරීම මෙම වැඩසටහන්වලට ඇතුළත් වේ.

විමසුම : www.news.lk

 


රූප රාමු


පින්තූර ගැලරිය

Government of Sri Lanka
Phoca Gallery

Submit to FacebookSubmit to Google BookmarksSubmit to TwitterSubmit to LinkedIn