ඔබ මෙතනයි:  මුල් පිටුව

කොළඹ ව්‍යාපාරික සමුළුව

කොළඹ ව්‍යාපාරික සමුළුව පිළිබඳ ඇමරිකාවේ ව්‍යාපාරිකයෝ දැනුවත් කෙරෙති.


නොවැම්බර් මස කොළඹ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව සංවිධානය කෙරෙන ව්‍යාපාරික සමුළුව පිළිබඳව ඇමරිකාවේ පෞද්ගලික ආයතන නියෝජිතයින්, වාණිජ මණ්ඩල නියෝජිතයින් හා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු දැනුවත් කෙරෙති.


ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ සමුළුවක් වොෂින්ටනයේදී පවත්වන ලදී.
ඇමරිකාවේ ව්‍යාපාරික ප්‍රජාවට මෙම සමුළුවෙන් ව්‍යාපාර හා ආයෝජන සඳහා ඇති ඉඩ ප්‍රස්තාව පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අවකාශ සැලසෙන බව තානාපතිවරයා පැහැදිලි කළේය.
රටවල් 60කට වැඩි සංඛ්‍යාවකින් විවිධ අංශවල ව්‍යාපාරිකයෝ ඊට සහභාගි වෙති. රාජ්‍ය නායකයින් රැසක් සහ අන්තර්ජාතික ව්‍යාපාරිකයින් 100ක් පමණ සමුළුව ඇමතීමට නියමිතය. දින 03ක් පුරා ව්‍යාපාරික නියෝජිතයින් දහසක් පමණ එක් ස්ථානයක රැස්වී මෙවැනි සමුළුවක් පැවැත්වීම සුවිශේෂි අවස්ථාවක් ලෙස පෙන්වා දුන් තානාපතිවරයා එය ඇමරිකානු ව්‍යාපාරික ප්‍රජාවට ද හිමි වන මහඟු අවස්ථාවක් බව පෙන්වා දුන්නේය.


ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව වර්තමානයේ ශීඝ්‍ර ආර්ථික, සමාජ සංවර්ධනයක් අත්කර ගනිමින් සිටින බව ජාලිය වික්‍රමසූරිය මහතා ඇමරිකානු නියෝජිතයින්ට පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවෙන් වැඩි ම භාණ්ඩ ප්‍රමාණයක් ඇමරිකාවට අපනයනය කෙරේ. ඒ නිසා ඇමරිකානු පෞද්ගලික අංශය ශ්‍රී ලංකා වෙළෙඳපොළෙහි ඔවුන්ගේ ආයෝජන හා ව්‍යාපාරික ප්‍රවර්ධනයට ඉදිරිපත්වීම වැදගත් බව ද ඔහු පැවසීය.

විමසුම : www.news.lk

 
Submit to FacebookSubmit to Google BookmarksSubmit to TwitterSubmit to LinkedIn