ඔබ මෙතනයි:  මුල් පිටුව

සීගිරිය

සීගිරිය මධ්‍යම පලාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මීටර් 200 ක් පමණ උසින් යුතු අභිමානී උත්තුංග පියමන්තලාවකි . සිංහල වංශ කතා වලට අනුව කාශ්‍යප රජු මෙම භූමි භාගය (ක්‍රි.ව. 477-495 )  තම රාජධානිය ගොඩ නැගීම සදහා තෝරා ගන්නා ලදි. එතුමා තම රාජධානිය පර්වතය මුදුනේ ගොඩ නගන ලද අතර එහි ඇතුළත වර්ණවත් බිතු සිතුවම් වලින් අලංකාර කරන ලදි. පර්වතයේ පැත්තකින් කුඩා උස් බිමක් පිහිටන සේ ගාම්භීර විශාල සිංහයකු නිර්මාණය කල අතර එය මාලිගාවට පිවිසෙන පිවිසුම් දොරටුව වශයෙන් භාවිතා කරන ලදි. මෙම නිර්මාණයේ තිබෙන විශේෂත්ව‍ය කරණ කොට ගෙන ‍සිහගිරි වශයෙන් නම භාවිතා වී අතර කාශ්‍යප  රජුන්ගේ අභාවයත් සමගම රාජධානිය සහ රාජකීය මාලිගාව විනාශ මුඛයට ලක්විය. 14 වන සියවස දක්වා එය බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ආරාමයක් ලෙස භාවිතා විය.

වර්තමානයේ දී සීගිරිය ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව විසින් හදුන්වා ඇති අතර පැරණි නගර නිර්මාණකරණය පිළිබදව ලැබිය හැකි හොදම සංරක්ෂිත නිදසුනක් ලෙස ද සීගිරිය හැදින්විය හැක.

 
Submit to FacebookSubmit to Google BookmarksSubmit to TwitterSubmit to LinkedIn