ඔබ මෙතනයි:  මුල් පිටුව අන්තර් ක්‍රියාකාරී හැකියාව

“සමස්ථ රාජ්‍ය” සේවා සඳහා අන්තර්ක්‍රියාකාරී හැකියාව

අන්තර්ක්‍රියාකාරී හැකියාව, විවිධ පද්ධති හා ආයතනවලට එක්ව ක්‍රියා කිරීමේ හැකියාව ලෙස පුළුල්ව අර්ථ දැක්වේ.  එසේ වුව ද තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ පද්ධතිවල අන්තර්ක්‍රියාකාරී හැකියාව අර්ථ ගැන්වෙන්නේ, පද්ධති දෙකකට හෝ වැඩි සංඛ්‍යාවකට තොරතුරු හුවමාරු කර ගැනීමට හා හුවමාරු කරගත් තොරතුරු භාවිතා කිරීමේ හැකියාව ලෙසිනි. (IEEE Glossary).

රජයේ සේවා ලබා ගන්නා පුරවැසියන්ගේ අවශ්‍යතාව නම් එම සේවා තනිව එක් ආයතනයකින් ලබා දුන්නද නැතහොත් රාජ්‍ය ආයතන කිහිපයක සහභාගීත්වයෙන් ලබා දුන්නද එම සේවා එක් ස්ථානයකට පමණක් ගොස් ලබා ගැනීමයි. තනි සේවා කවුළු සංකල්පය ලෙස හැඳින්වෙන මේ යටතේ අන්තර්ජාලයේ එක් තැනකින් සේවා ලබා දිය හැකි නම් අනාගතයේ දී එම සේවා ඉතාමත්ම පහසුවෙන් පුරවැසියනට ලබා ගත හැකි වනු ඇත. 

මෙම අරමුණ සඳහා කටයුතු කිරීමේ දී මතුවන ප්‍රධාන අවශ්‍යතා දෙකක් නම් අන්තර්ක්‍රියාකාරී හැකියාව හා රාජ්‍ය ආයතන එකිනෙක සමග සහයෝගීව ක්‍රියා කිරීමයි.

Gov.2.0 නැමැති සංකල්පය හඳුන්වා දුන් පසු ඉ-රාජ්‍ය කටයුතු සඳහා ආයතන අතර සහයෝගී ක්‍රියාකාරිත්වය තහවුරු කිරීමට අන්තර්ක්‍රියාකාරී හැකියාව අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් විය.  මේ අනුව සංකීර්ණ රාජ්‍ය සේවා අන්තර්ජාලය හ‍රහා ලබා දීමට නම් “අන්තර්ක්‍රියාකාරී හැකියාව” අත්‍යවශ්‍ය ගුණාංගයකි

ඉක්ටා ආයතනය අන්තර්ක්‍රියාකාරී හැකියාව සම්බන්ධයෙන් ගන්නා ලද ප්‍රවේශය දත්තවල “අර්ථ විචාර අන්තර්ක්‍රියාකාරී හැකියාව” එනම් Semantic Interoperability නම් වේ.

විකීපීඩියා වෙබ් අඩවිය Semantic Interoperability මෙසේ අර්ථ දක්වා ඇත.

විවිධ වූ පද්ධති දෙකක පරිශීලකයින් අර්ථ දක්වන පරිදි තමන්ට ප්‍රයෝජනවත් වූ ප්‍රතිඵල ලබා දීමට හැකි වන අන්දමින් අර්ථාන්විතව හා නිවැරදිව හුවමාරු වූ තොරතුරු ස්වයංක්‍රීයව අර්ථ නිරූපනය කළ හැකි වීම “අර්ථ විචාර අන්තර්ක්‍රියාකාරී හැකියාව” වේ.  අර්ථ විචාර අන්තර්ක්‍රියාකාරී හැකියාව සාක්ෂාත් කර ගැනීම පිණිස එයට සම්බන්ධ වන සියළු පාර්ශව “පොදු තොරතුරු හුවමාරු විමර්ශන ආකෘතිය”ක් අනුව කටයුතු කළ යුතුයි.  මේ අනුව හුවමාරු වූ හෝ  හුවමාරු කිරීමට‍ ඉල්ලන තොරතුරුවල අර්ථය “එවූ තොරතුරු, තේරුම් ගත් තොරතුරුවලට සමාන” වන පරිද්දෙන් තේරුම නිශ්චිතවම අර්ථ දක්වා තිබිය යුතු වේ.

මේ නිසා ඉක්ටා ආයතනය භාවිතා කරන අන්තර්ක්‍රියාකාරී හැකියා රාමුවේ ප්‍රවේශය නම් දත්ත ප්‍රමිතීන් හා අකෘතීන් නිශ්චය කිරීමට වඩා එවන තොරතුරු වඩා අර්ථාන්විතව අර්ථ දක්වා එවීමයි.

ඉක්ටා ආයතනය 2006 වසරේ සිට රාජ්‍ය අංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ පද්ධතිවල අන්තර්ක්‍රියාකාරී හැකියාව සම්බන්ධයෙන් කටයුතු කරන ලදී.  මෙම මූලාරම්භය “ලංකා අන්තර්ක්‍රියාකාරී හැකියා රාමුව” (Lanka Interoperability Framework – LIFe) ලෙස හැඳින්වෙන අතර දැනට එමගින් රාජ්‍ය අංශයේ ප්‍රධාන කෘත්‍යාත්මක අංශ 4ක් ආවරණය කොට ඒ සඳහා එකඟ වූ ප්‍රමිතීන් www.life.gov.lk දක්වා ඇත.  එම අංශ 04 නම්;

මෙම ප්‍රමිතීන් සැකසීම සඳහා ඒ ඒ අංශයට ගැනෙන සියළුම ආයතනවල ප්‍රධාන නිලධාරීන් හා තාක්‍ෂණික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වැඩමුළු පවත්වා, එකඟතාව ලබා ගැනේ.  ඇතැම් විට ඒ සඳහා පුද්ගලික අංශය පවා සහභාගී කර ගනී.  ඒ අනුව එම ප්‍රධාන අංශ 04 සඳහා ක්‍රියාදාම ප්‍රමිතීන්, තාක්‍ෂණික ප්‍රමිතීන් හා දත්ත ප්‍රමිතීන් සකසා LIFe වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කොට ඇත.

එසේම මේ වසර තුළ (1) වෙළඳ   (2) අධ්‍යාපන හා (3) සෞඛ්‍ය යන ක්‍ෂේත්‍රවල අන්තර්ක්‍රියාකාරී හැකියා ප්‍රමිතීන් එකඟතාවයෙන් යුතුව නිශ්චය කිරීමට තීරණය කොට ඇත.

වීවෘත ප්‍රමිතීන්

ශ්‍රී ලංකාවේ ඉ-රාජ්‍ය පද්ධති අතර අන්තර්ක්‍රියාකාරී හැකියාව තහවුරු කරනු පිණිස “විවෘත ප්‍රමිතීන්” සියලුම රාජ්‍ය ආයතන විසින් භාවිතා කළ යුතු බැව් අමාත්‍ය මණ්ඩලය අනුමත කළ ඉ-රාජ්‍ය ප්‍රතිපත්තියේ දැක්වේ.  World Wide Web Consortium විසින් දක්වා ඇති පරිදි යම් ප්‍රමිතියක් විවෘත ප්‍රමිතියක් වීමට නම් පහත දැක්වෙන අවශ්‍යතා හා අනුගත විය යුතු වේ.

  • විනිවිදබාවය; ප්‍රමිතීන් සැකසීමේ ක්‍රියා මාර්ගය ප්‍රසිද්ධ කොට සිදු කළ යුතුය.  එසේම සාකච්ඡා සටහන් සියල්ල ඕනෑම කෙනෙකුට පරිහරණය කළ හැකි පරිදි සංරක්‍ෂණය කොට ලබා දිය යුතුය.
  • අදාළ බව; නව ප්‍රමිතීන් ඇති කළ යුත්තේ වෙළඳ‍පළේ අවශ්‍යතාවය අනුව පමණි.  එහිදී ප්‍රවේශන හැකියාව, බහු භාෂාමය හැකියා ආදිය ද සලකා බැලිය යුතු වේ.
  • විවෘත බව; ගෝලීයව, කර්මාන්ත, මහජනතාව, රාජ්‍ය ආයතන, සරසවි ඇඳුරන් ආදීන්ට සහභාගී විය හැකි අයුරින් ප්‍රමිතීන් සැකසිය යුතුය.
  • අපක්‍ෂපාතීත්වය සහ පොදු එකඟතාවය; සෑම සහභාගී වන්නකුටම සමාන තත්වයක් යෙදෙන සේ සමානතාව සහතික කරන ක්‍රමවේදයක් භාවිතා කිරීම හා මධ්‍යස්ථබාවය දරණ W3C වැනි ස්ථානයක ප්‍රමිතීන් රැඳවීම.
  • ලබා ගැනීමේ හැකියාව; සම්මත පාඨ වෙත නිදහස්ව ප්‍රවේශවීමේ  හැකියාව, පරිවර්ථනය කිරීමේ හැකියාව, එම ප්‍රමිතීන් නිපදවීමේදී හා අවසන් කළ පසුවට ද තහවුරු කළ යුතුය.  එසේ ම මේ හා අදාළ වෙබ් හා අන්තර්ජාල තාක්‍ෂණයේ හිමිකාරභාග ගෙවීමෙන් තොරව භාවිතා කළ හැකි විය යුතුයි.
  • නඩත්තුව; ප්‍රමිතීන් පරීක්‍ෂ කිරීම, පුනරීක්‍ෂණය, ස්ථිර ප්‍රවේශය, වලංගු කිරීම ආදිය ප්‍රමිතීන් නඩත්තුව සඳහා ඉටු කළ යුතුය.


When formulating standards for LIFe, ICTA follows an approach which meets above requirements.

Benefits of using Open Standards

  • Avoid vendor locking; Since the standards are open any vendor or product who could match the open standards based requirements can provide the service or products.
  • Use various products or technologies to provide integrated services by achieving interoperability
  • No obsolescence of out put data files
  • Open standards will improve the vendor competition as more vendors can meet the open standards
  • Convenience in changing the application platforms as skills needed are same for maintaining the systems in any of the open standards based platforms.

“සමස්ථ රාජ්‍ය” (Whole of Government)

පුරවැසියෝ, ව්‍යාපාරිකයෝ හා නොයෙකුත් වෙනත් ප්‍රජාවන් තම අවශ්‍යතා ඉටු කර ගැනීමට රාජ්‍ය සේවා තමන්ගේ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා තම අවශ්‍යතාවයන්ටම ගැලපෙන ලෙස සකසා තිබීම බලාපොරොත්තු වන අතර එම සේවා එක් තැනක සිට ඉතා පහසුවෙන් ලබා ගැනීමට ද බලාපොරොත්තු වෙති.

එම සේවාලාභීහු විශේෂයෙන්ම රාජ්‍ය ආයතන, දියුණු තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය භාවිතා කරමින් එම සංකීර්ණ සේවා තමනට පහසු ආකාරයෙන් ලබා දෙනු ඇතැයි අපේක්‍ෂා කරති.

විශේෂයෙන්ම යම් සේවයක් ලබා දීමට එක් ආයතනයකට වඩා වැඩි ආයතන සංඛ්‍යාවක් සම්බන්ධ වන අවස්ථාවලදී ඒවා තනි සේවා කවුළුවකින් ලබා දෙනු ඇතැයිද, සියලු රාජ්‍ය සේවා එම ආකාරයේ අන්තර්ජාලමය තනි කවුළුවකින් ලබා දෙනු ඇතැයි ද අපේක්‍ෂා කරති.

මෙය ඉටු කිරීමට නම් රාජ්‍ය ආයතන තම තමන්ගේ ආයතනමය දෘෂ්ඨියට සීමා නොවී පුරවැසි කේන්‍ද්‍රීය සේවා දෘෂ්ඨියකින් තම සේවා විමර්ශනය කළ යුතු වේ. මේ සඳහා තම ආයතනයේ සේවා වගකීමට සීමා නොවී ආයතන දෙකක  හෝ කිහිපයක හවුල් සේවා ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා තම ආයතනික සීමාවන් ඉක්මවා කටයුතු කළ යුතු වේ.  

මේ අන්දමින් තම ආයතනික සීමාවන් ඉක්මවා ඒකාද්ධිත රාජ්‍යයක් තුළින් හවුල් සේවා ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට කටයුතු කිරීමේ සංකල්පය “සමස්ථ රාජ්‍ය” ලෙස හැඳින්වේ.  මෙම සංකල්පය “සම්බන්ධිත රාජ්‍ය” යන් සංකල්පය හා ඉතා සමීප වේ.


“සමස්ථ රාජ්‍ය” ඉලක්ක ඉටු කර ගැනීමට පහත දැක්වෙන මූලික අවශ්‍යතා ඉටු කළ යුතු වේ.

  • හවුල් සේවාවන් ලබා දීම සඳහා සහභාගී වන රාජ්‍ය ආයතන අතර පොදු එකඟතාවයක් තිබීම
  • හවුල් සේවා සැපයීම සඳහා එක් එක් ආයතනය විසින් ඉටු කළ යුතු වගකීම් පිළිබඳ අවබෝධය
  • ඉලක්ක ඉටුකර ගැනීම සඳහා හවුල් දැක්ම අනුව කටයුතු මෙහෙයවන පොදු නායකත්වයක් යටතේ කටයුතු කිරීම
  • ව්‍යාපෘතියේ හිමිකරුවන් වූ ඇමති, අධ්‍යාපන ලේකම් වැනි නිලධාරීන්ට වගවීම සඳහා අන්තර් ආයතන සහයෝගී කටයුතු දියුණු කිරීම
  • ලංකා අන්තර්කාරී හැකියා රාමුවේ ප්‍රමිතීන්වලට අනුගත වීම
  • ව්‍යාපෘති වියදම අඩු කරමින් හා කාර්ය සාධනය වැඩි කරමින් සම්බන්ධීකරණය මගින් හවුල් සේවා ලබා දීම


ශ්‍රී ලංකා රාජශ අංශය “සමස්ථ රාජ්‍ය” සේවා කිහිපයක් ලබා දී ඇති අතර එවන් සේවා උදාහරණ 2ක් පහත දැක්වේ.

 
Submit to FacebookSubmit to Google BookmarksSubmit to TwitterSubmit to LinkedIn